ගොවීන්ට වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතුරම් තුවක්කු යළි නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ජාතික ගොවිජන බල මණ්ඩලය සමග අද (15) පැවැති සාකච්ඡාවක දී ගොවිජන නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගෙන තිබෙනවා.

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතුරම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කෙරෙනු ඇති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page