දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ලංකා පොහොර සමාගමේ හා කොමර්ශල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

පසුගිය සතියේ සිට මේ දක්වා දිවයින පුරා ඇති ගොවිජන මධ්‍යස්ථානවල එතෙක් තිබු යුරියා පොහොරවලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 5100ක් යවා ඇති අතර (19 දින ) තවත් යුරියා මෙට්‍රික් ටොන් 1000ක් බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.

එසේම තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් (19) පොළොන්නරුවට යැවීමට කටයුතු යොදා තිබූ අතර පසුගිය සතියේ සිට මේ දක්වා පොළොන්නරුවට යවා ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ඉක්මවයි.


ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව අවශ්‍ය තරම් යුරියා පොහොර තිබෙන බැවින් යුරියා පොහොර නොඑවන ලෙසට පොහොර සමාගම්වලට දැනුම් දී ඇති බව ද ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.


මේ අතර ඇතැම් ගොවී සංවිධාන මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන්ට යුරියා පොහොර ලැබී නැති බව ප්‍රකාශ කර තිබේ.මෙම කාරණය සැළකිල්ලට ගනිමින් කිසියම් ප්‍රදේශයකට යුරියා පොහොර ලැබී නොමැති නම් ඒ සඳහා විමසීම සඳහා රජයට අයත් පොහොර සමාගම්වලින් නිලධාරින් දෙදෙනෙක් පත් කරන ලෙස සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පියවර ගෙන තිබේ.


ඒ අනුව දුරකථන අංක 0775510674 ඔස්සේ කොළඹ කොමර්ශල් පොහොර සමාගමේ අලෙවි කළමනාකරු උපේන්ද්‍ර මහතා සහ දුරකතන අංක 0774441417 ඔස්සේ ලංකා පොහොර සමාගමේ බෙදාහැරීම් කළමනාකරු නුවන් මහතා ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව ගොවිජන සේවා මධ්‍යස්ථානය දැනුම් දෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page