ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්​ද ජූනි මස 17වන දින සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව කෘත්‍රි​ම ලෙස වර්ණ ගැන්වූ හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්​ද රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්​ද රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන්.

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරුම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්​ද රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page