නවීකරණයට ලක් වෙන කොළඹ – කන්කසන්තුරය දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ රුපියල් කෝටි 450ක මුදලක් (ඩොලර් මිලියන 15) අනුමත වී තිබේ.

දැනට අනුරාධපුරයේ සිට මහව දක්වා මේ දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කරගෙන යන බවත් එම කටයුතු මාස දෙකක් තුළ නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මේ මුදල අනුමත කර තිබේ.

කොළඹ – කන්කසන්තුරේ දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වූ පසු කන්කසන්තුරයේ සිට කොළඹට පැමිණීමට මේ වන විට ගත වන කාලයට වඩා පැය එකහමාරකින් පමණ කාලය අඩු වන බව ද ඇමැතිවරයා කීවේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page