සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටිනවා.

සිය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එක් රැස් නොකරන බවත්, නීත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතනකයට හැර වෙනත් කිසිදු අයෙක්ට විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීමට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කරනු ලණ්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නිත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් බවත් එසේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීම නීති විරෝධී බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පහත සදහන් නිලධාරීන්ගෙන් පමණක් සමන්විතවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ශාන් යහම්පත් මහතා – පුද්ගලික ලේකම්
සංජය නල්ලපෙරුම මහතා – මාධ්‍ය ලේකම්
දේශප්‍රිය ලියනගේ මහතා – සම්බන්ධීකරණ ලේකම්
භාග්‍ය කාරියවසම් මහතා – සම්බන්ධීකරණ ලේකම්
සුනෙත් අතුකෝරළ මහතා – මහජන සම්බන්ධතා නිලධාරී
උදයංග සූරිආරච්චි මහතා – පාර්ලිමේන්තු කටයුතු ලේකම්
ප්‍රියංකර විජේසේකර – සම්බන්ධීකරණ නිලධාරී (පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page