වසර 2021ට සාපේක්ෂව 2022 වර්ෂයේදී එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඊයේ (20) පැවැසුවාය.
පසුගිය වර්ෂයේදී එච්.අයි.වී. ආසාදිතයන් 607ක් අලුතින් වාර්තා වූ බවත් 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේදී ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුව වූයේ කොවිඩ් ව්‍යසනයෙන් පසුව පරීක්ෂණ සිදු කිරීම ඉහළ යෑම බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
කොවිඩ් කාලයට වඩා පසුගිය වර්ෂයේදී සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ යෑම යනාදි හේතූන් හේතුවෙන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද ඇය පැවසීය.
පිරිමි පුද්ගලයන් අතර එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක යෙදුණේ නම් එච්.අයි.වී. බවට සැක කර පරීක්ෂාවක් කරගත යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.
වයසට සරිලන ලිංගික අධ්‍යාපනයක් පාසල් වයසේ සිටම ලබාදෙන්නේ නම් මෙම ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වෙතැයි ද ඒ මහත්මිය පැවැසුවාය.
