උතුරු පළාතේ වවන ලද ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන් සමත් වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා පවසයි.
මෙය ඉදිරි වසර තුන තුළ තවදුරටත් පුළුල් කරමින් එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇතැයි ද පවසන ඒ මහතා ඊට සමගාමීව උතුරු පළාතේ ඉඩම් අක්කර 8000ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා දී, නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාල්ස් මහත්මිය උපදෙස් දී ඇති බවද සඳහන් කරයි.
තවද පළාතේ වගා කෙරෙන අඹ, පැපොල් හා පැෂන්ෆෘට් විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර අක්කර 1000ක මිරිස් වගා කර පළාතේ මිරිස් අවශ්‍යතාව සපුරා ගනිමින් ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙහි මුඛ්‍ය අරමුණ වී ඇත.
මේ කරුණු අනාවරණය වූයේ පසුගියදා කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරින් සමඟ යාපනයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page