ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට කැප වී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ ඇය මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඉතා හොඳ හමුවක් පැවැත්වූ බවත්, වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීමට රජය දරන වගකීම අගය කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page