අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙකු ජුලි 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

පසුගිය ජනවාරි මස 10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන් ඊයේ (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page