පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි එයිට් ක්ලබ් ආයතනය මහජනතාවට වීවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
ඒ අනුව එවැනි පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි 35 – 40ක් අතර සංඛ්‍යාවක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව ද ඔහු කියා සිටියා
එමෙන්ම එවැනි ඉඩම් සංවර්ධනය සඳහා දිගු කාලීන බදු පදනම යටතේ ආයෝජකයින්ට බැහැර කිරීමට අධිකාරිය සැලසුම් කර ඇති අතර එම ඉඩම් සහ ගොඩනැගිලි සංවර්ධනය කිරීමේ දී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි ඒවා සංවර්ධනය කිරීම අනිවාර්ය බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා
