පුත්තලම ,පිටිගල ,මනිප්පායි ,බෝ ගස්වැව ,කින්නියා යන පොලිස් බල ප්‍රදේශවල ඊයේ (29) දිනයේ රිය අනතුරු සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

මෙම රිය අනතුරුවලින් වයස අවුරුදු 48ක්වූ රත්මල්යාය ,පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ද ,වයස අවුරුදු 76ක්වූ සිත්තරගොඩ පදිංචිකාරියක්ද මියගොස් තිබෙනවා

මනිප්පායි පොලිස්වසමේ සිදුවූ අනතුරින් දෙදෙනෙක්ද ,බෝ ගස්වැව සිදුවූ අනතුරින් වයස අවුරුදු 30ක්වූ වෙහෙරතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ද මියගොස් ඇති අතර කින්නියා පොලිස්වසමේ සිදුවූ අනතුරින් වයස අවුරුදු 5ක දැරියක්ද මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page