ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පෙරේදා (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් අද සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයායි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වු පළමු ගුවන් හමුදාපතිවරයා ලෙසද සැලකේ.

වර්ෂ 1988 දී ශිෂ්‍යභටයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා අනුරාධපුර කඳවුරු අංක 01 පියාසර පුහුණුව ලබා ගනිමින් 33වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස පත්වුණි.

අනතුරුව දේශීය මෙන්ම විදේශීය පුහුණුවද ලබා ගනිමින් පියාසර නිලධාරියෙකු ලෙස ඔහු විශිෂ්ට දස්කම් දක්වා තිබේ.
ගුවන් හමුදාපති ධුරයට පත්වීමට ප්‍රථම ඔහු අවසන් වරට ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page