අද පාර්ලිමේන්තුවේ පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් පසු සම්මත විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක්ද විරුද්ධව ඡන්ද 62ක් ලැබුනු අතර මෙම ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණියේ නැත.

රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න, මනෝ ගනේෂන් වන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් හා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන්ද නොපැමිණි මන්ත‍්‍රීන් අතර වූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page