ර‍ට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවට නිවේදන කළේය.

ඒ අනුව, නීතීඥ සිසිර ජයකොඩි, ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, බුද්ධික පතිරණ, ගයාෂාන් නවනන්ද, තුෂාර ඉඳුනිල් අමරසේන, උපුල් ගලප්පත්ති, සුදර්ශන දෙනිපිටිය, ගරු අසංක නවරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු තවරාජා කලෙයි අරසන්, මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page