පොලිස්පති ධුරය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාපත් කර ගැනීම සඳහා ජනපතිවරයාට අවස්ථාව ලබා දී ආගමික නායකයන් එම ක්‍රියාවලියට බලපෑම් කිරීමෙන් ඉවත්විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

පොලිස්පති ධුරය වැනි ඉහළ තනතුරු පත් කිරීමේ දී ආගමික නායකයන් එම පත් කිරීම් සඳහා වක්‍රව හෝ ඍජුව බලපෑම් නොකළ යුතු යැයි ද උන්වහන්සේ පැවැසූහ.

මේ වනවිට මෙරට පොලිස්පති ධුය හිස්ව පවතින බැවින් ඒ සඳහා පුද්ගලයකු පත් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් අය ප්‍රකාශ නිකුත් කරන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ යැයි ද ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

එවැනි පත් කිරීම් සඳහා මැදිහත්වීම ආගමික නායකයන්ගේ වගකීම නොවන බව ද ජනපතිවරයාට ඒ සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ පුද්ගලයකු පත්කර ගැනීමට ඉඩකඩ සලසා දීම ආගමික නායකයන්ගේ වගකීම බව ද නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ ප්‍රකාශ කරති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page