පවතින අධික වැසි හේතුවෙන් පනවා තිබූ නාය යාමේ අවදානම් නිවේදනය තවදුරට ත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව, නුවර පස්බාගේ කෝරළේ, නුවරඑළිය, අඹන්පොළ සහ රත්නපුර නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අවදානම් නිවේදනය දීර්ඝ කර ඇති අතර
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද (ජූලි 5) නිවාඩු ලබා දීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කොට ඇත.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
