රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජයේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදලේ ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමෙන් තොරව බවද ඔහු සඳහන් කළේය.

මුදල් කාරක සභාව අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල යන ආයතනවල ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න අහනකොට අපට ගොඩක් දේවල් දැනගන්න ලැබුණා.

මේ රජය මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ ඒ ඒ ආයතන වල ප්‍රධානීන් කැඳවල අධ්‍යයනයක් කරල නොවෙයි..

මේ යෝජනාවෙන් වැඩකරන ජනතාවගේ මුදල් කොච්චර අඩු වෙනවද කියල හොයල නැහැ.

ඒ ගැන පරීක්ෂණ කළ වෙරිටේ රිසර්ච් ආයතනය රුපියල් කෝටි ලක්ෂ 12ක් වැඩකරන ජනතාවගේ මුදලින් කප්පාදු වෙනවා කියලා සඳහන් කරලා කියනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page