රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10 ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත් ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයන් බවත් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් මිලියන 2.5 ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5 ක් ආකර්ෂණය කර මෙරටට ගෙන්වා ගැනීම අරමුණ කර ගනිමින් ‘Visit Sri Lanka’ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වය ඇති කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බවත් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page