ජපාන විදේශ අමාත්‍ය හයිෂින් යෝෂිමාසා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ජපානය ලබාදී ඇති සහයෝගය අගය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමක් කර ගැනීමේ අගයද පෙන්වා දිය.

මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.4 ක පමණ සුළු ප්‍රමාණයකට දායකත්වය දක්වන ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ජපානයේ ඉල්ලා සිටින බවත් EEZ විශේෂ ආර්ථික කලාපයේ පිහිටා ඇති නාවික සැතපුම් 200 ක් පුරා විහිදී ඇති මුහුදු සම්පත නිසි ආකාරයෙන් රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමට අවධානය යොමුව ඇති බවත්,

මෙරට තොරතුරු තාක්ෂණය නගරයට පමණක් සීමා වී ඇති බවත්, එය ග්‍රාමීය දරුවන්ටද දායාද කරදීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමට ආධාර කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත

ජපානය මෙරටට ලබාදුන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), පටු දේශපාන වාසි ලබාගැනීමේ අරමුණින් නවතා දැමීම පිළිබඳ කණගාටුව පළකරන බවද තම රජයක් යටතේ, එම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අත්වැල් බැඳගැනීමට බලාසිටින බවද ඔහු පැවසීය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page