ජතික ගිය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වේ.

පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භක උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කළ විලාශය පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී ඇති බව සඳහන් වේ.

නව ජනතා පෙරමුණේ විධායක සභික ගයත්‍රී සොයිසා, අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය සංවිධානය මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස් මූලස්ථානයටත් පැමිණිලි කිර ඇත .

නව ජනතා පෙරමුණේ විධායක සභික ගයත්‍රී සොයිසා සඳහන් කළේ ජාතික ගීය හිතුමතේ වෙනස් කරමින් ගායනා කිරීම රට හෑල්ලුවට පත් කිරීමක් බවයි.

ලෝකයේ කිසිම රටක මේ ආකාරයෙන් කටයුතු නොකරන බවත් මේ පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද ඇය පැවසීය.

ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නුදුරු දිනයකදීම ඇය කැඳවීමට නියමිත බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page