සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බවත් 2 වන ඉන්ධන තොගය හෙට මෙරටට පැමිණෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය.
අමාත්‍යවරයා පවසන්නේ
ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පිරවුම්හල් 150ක් සමඟ ආරම්භ කරන බවයි.
මෙරටට ඉන්නධන ගෙන ඒමට සිනොපෙක් සමාගම ඍජුවම විදේශ විනිමය වැය කරන බැවින් මෙරට දේශිය මූල්‍ය ආයතන වලට බලපෑමක් නැති බවත් සිනොපෙක් සමාගම මෙලෙස ඉන්ධන ගෙන එනු ලබන්නේ එරටින් ලබා ගත් මාස 12ක මූල්‍ය පහසුකම් සහිතව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
නව සැපයුම්කරුවන් වෙළඳපොළට පැමිණීමත් සමඟ ඛනිජ තෙල් නිශ්පාදන සඳහා විදේශ විනිමය අවශ්‍යතා ලිහිල් වන බවද අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පවසයි .
