ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බවයි.
ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් වන බව සදහන් කරයි .
