ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සියලු නිලධාරීන් සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

සාමාන්‍ය රජයේ නිලධාරීන්ගේ කාර්යාල වේලාවන්ට අදාළ වන පරිදි සේවයට වාර්තා කල යුතු බවත් ඇඟිලි සලකුණු යන්ත්‍රය මගින් පැමිණීම සනාථ කිරීම සිදු කල යුතු බව ත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා සිටි .

සියලු නිලධාරීන් සතියේ සඳුදා සහ බදාදා දිනවල තම සේවා ස්ථානයේ රැඳී සිටිය යුතු බවත් ඉතිරි දින තුන ක්ෂේත්‍රයට යාමට පෙර තම කාර්යාලයට වාර්තා කොට විධිමත් පරිදි බැහැර යාම සිදුකල යුතු බවත් සදහන් වේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරියෙකුගේ අනුමැතිය ලබා ගෙන නිසි ක්‍රමවේදයට බැහැර යාම සිදු කළ යුතු වන අතර අනුමත කිරීම් සිදුකිරීමට මාණ්ඩලික නිලධාරීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් බලය පැවැරිය යුතු බව ද සඳහන් කර තිබේ.

නොවැළැක්විය හැකි අවස්ථාවකදී පමණක් බලධාරියා පෞද්ගලිකව සෑහීමකට පත්වන්නේ නම්, පෙර දිනයේ රාජකාරි නිවාඩු අනුමත කරගත හැකි බව ත්, ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු බවත් එමගින් දන්වා ඇත.

නිවාඩු සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීමේදී බැහැර යාමේ ලේඛනය භාවිත නොකරන ලෙස ත්, කිසිම විටක බැහැර යාමේ ලේඛනය පූර්ව දිනයේදී අනුමත නොකළ යුතු බව ත් වැඩිදුරට ත් උපදෙස් ලබා දී ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page