රජය විසින් සැලසුම් සහගත ලෙස බාල බෙහෙත් වර්ග ගෙන්වන බවට සිදුකරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් විවිධ බොරු ප්‍රචාරයන් යවමින් ඇතැමුන් දේශපාලන රැල්ලක් නිර්මාණය කරන්නට සෞඛ්‍ය කේෂ්ත්‍රය යොදා ගන්නට උත්සාහ ගන්න බව පැහැදිලි බැවින් ඒය පාලනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ඔහු ප්‍රකාශ කරන ලදී .

රටේ ආර්ථිකය කඩා වැටී බංකොලොත් භාවයෙන් තිබුණු රට, අද වන විට යම්කිසි මට්ටමකට ගෙන ඒමට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව රටේ ජනතාව පිළිගන්නා කාරණයක් බව ඔහු සඳහන් කරයි

රට තුළ ඖෂධවල හිඟයක් , වෛද්‍ය උපකරණ වල යම් ප්‍රමාණයක හිඟයක් තිබෙන බව තමන් පිළිගන්නා බවත් එය හුවා දක්වමින් බොරු රැලි මවන්නට සුළු පිරිසක් උත්සාහ කරන බව පැහැදිලි බවත් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page