රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු යි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන දින දහයක් පුරා රදවාගන පහර දි ඇති බව වාර්තා වේ.

සිද්ධියට මුහුණ පා ඇත්තේ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසීම් නැමති පුද්ගලයෙකි.

ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාසක සිර කර සිටියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග පැමිණ එම පුද්ගලයා මුදාගෙන ඇත අතර ඊට සම්බන්ධ සිව් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා මෙසේ මුදා ගෙන තිබුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page