විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවෙසටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණය කල ගොවීන් එම නිවස වැටලීමට සිටිනා බවට ලැබුණු තොරතුරක් මත ඊයේ උදෑසන සිට මෙම ආරක්ෂාව යොදවා තිබේ .

අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ඇති අතර නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීම සිදු කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page