ජනාධිපතිවරයාට රට හාදාගන ඉදිරියට යද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂය කරන්නේ හැම වෙලාවෙම කකුලෙන් අදින ඒක පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්යමන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොලොන්නාව ඒක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩලය පිහිටවම්න් පැවති රැස්විම අමතමින් ය.
සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ …
රනිල් වික්‍රමසිංහ මේ රට බාර ගන්නා මොහොතේ දි රට බාරගන්න විපක්ෂ කණ්ඩායම් එදා බය වූනා. ඔවුන් සතුව කිසිදු වැඩ පිළිවලක් නොතිබුණු නිසා ඔවුන් එදා බය වුනා . අද වනතුරුත් ඔවුන්ට කිසිම වැඩපිලිවෙලක් නැහැ.
මේ දක්වා ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනියන්න ක්‍රමවත් වැඩ පිලිවලක් සකසා කටයුතු කරත් විපක්ෂයට අද වන තුරු කිසිම වැඩපිළිවෙලක් රට වෙනුවෙන් ඉදිරිපත් කරගැනීමට නොහැකි වෙලා තියනවා.
අද ඔවුන් සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ සිට කකුලෙන් ඇදම විතරයි. බලය ලබා ගැනිම පමණක් ඔවුන්ගේ අරමුණ වේ. රටේ ජනතාව ගැන කිසිදු හැගිමක් නැහැ.
මේ රට නැවත ආපස්සට ඇද දැමිමට විපක්ෂය කටයුතු කරන අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් රට ගොඩ නැගිම කටයුතු කරමින් සිටිනවා.
මේ වන විට රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳව පමණක් විශ්වාසය තබා ඇති බව හොදින්ම පැහැදිලි වෙනවා.
