පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන වල ආනයන තහනම ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය හමුවේ මෙරට විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට වාහන ආනයන සීමා පැනවීමට රජය 2020 මාර්තු මාසයේදි පියවර ගනු ලැබුවා.
ඒ හේතුවෙන් මෙරට වෙළඳ පොල තුල මෝටර් වාහන වල මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ ගිය අතර පාවිච්චි කරනලද කරන ලද මෝටර් රථ වාහන බිරිද ඉතා අධික ලෙස ඉහළ ගියා.
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් සහන සමඟ සංචිත වල යම් ස්ථාවරයකට පැමිණ ඇති බැවින් මෝටර් රථ ආනයන සීමා ටිකෙන් ටික ඉවත් කිරීමට රජය කටයුතු යොදමින් සිටිනවා.
ඒ අනුව පොදු ප්‍රවාහනය වෙනුවෙන් යොදා ගන්නා වාහන කාණ්ඩ 4 ක් යටතේ ඉදිරියේදි ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කරන බවත් ඉදිරියේදී අධි අදියරෙන්අදියර අනිකුත් වාහන වලට පනවා ඇති සීමාවන් ඉවත් කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියා.
