නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනි තැබූ පුද්ගලයින්ට වන්දි ලබා නොදෙන බවට
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි .

නියඟය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ හානි වූ ගොයමට ඇතැම් පුද්ගලයින් ගිනි තබා සිය විරෝධය පල කල අතර ඒය එසේ සිදුකළ හොත් ඒ සදහා වන්දි ගෙවිමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නොහැකි බව සදහන් කර ඇත .

වගාවන්ට ගිනි තබා විනාශ කළහොත් හානි වූ වගා පිළිබඳ තක්සේරුවක් ලබාගැනීමට නොහැකි අතර එවැනි අවස්ථාවක වන්දි ලබා දිම සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බවට ජනතාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page