පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පසුගිය දා සිදුකල විශේෂ ප්‍රකාශයෙන්‍ ය.

පාර්ලිමේන්තුව එකඟවන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බවත්.

දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම හා කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම යන යෝජිත කරුණු පිළිබඳ සාකච්ඡා කර එකඟතාවක් ලබාගෙන ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යළි අධ්‍යයනය කොට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඊට ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේම පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

13 වන සංශෝධය යටතේ පළාත් සභා වෙත බලය පැවරීමේ දී පොලිස් බලතල වැනි සංවේදී විෂයයන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමෙන් සිදු වන්නේ ඇතැම් විට කිසිඳු එකගතාවකට එළැඹීමට අපහසුවීම බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව අනෙකුත් බලතල පිළිබඳ එකඟතාවන්ට පැමිණෙමින් රටේ අනාගතය වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පියවරින් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා එක් විය යුතු බව ද අවධාරණය කළේය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page