කුරුන්දි විහාරයේ රතන සූත්‍රය සජ්ඣායනා කිරීමට භික්ෂූන් වහන්සේලා සූදානම් වෙද්දි එතනට පැමිණි පිරිසක් හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇත.
දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු සූදානම් කර තිබුණු අතරතුර කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පදිංචිකරුවන් පිරිසක් පැමිණ පිළිම තැන්පත් කර එම ස්ථානයේ කිරි ඉතිරවීමට සූදානම් විය.
එහිදී අදාළ පිරිස හා භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති අතර පසුව පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර් ඇත..
මේ වනවිට විශේෂ කැරලි මර්දන ඒකකයද කැඳවා ඇති බවයි වාර්තා වෙයි.
