වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී කාලය පිළිබඳව මතුවූ ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අද (23) පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්වයක් හටගෙන ඇත.

මූලාසනය අසලට පැමිණ මන්ත්‍රීවරු පිරිසක් නියෝජ්‍ය කථානායකවරයාට විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කටයුතු කරන ලදී .

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වූ අතර එහිදී කථානායකවරයා අද දිනය සඳහා නලින් බණ්ඩාර සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලදි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page