රජය නිසි කළමනාකාරිත්වයකින්
යුතුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණ නොදුන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි .

ඔහු මේ බව ප්‍රකාශ කළේ “කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග” මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය විසින් ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමින්‍ ය.

පසුගිය වසරේ මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුදයත් සමඟ පොහොර ප්‍රශ්නයත් ඇති වුණා. එදා පොහොර තිබුණේ නැහැ. ගොවීන් පාරට බැහැලා උද්ඝෝෂණ ආරම්භ කළා. කෙසේ හෝ ජනාධිපතිතුමා විසින් එය සමථයකට පත් කර යම් කළමනාකරණයක් සිදු කර ගෙන කටයුතු කරන විට නියගය සහ ජල ප්‍රශ්නය මතු වුණා.

ඒසෙම විදුලි බලය සම්බන්ධයෙන් ඇති වු ගැටළු වලට අද යම්තාක් දුරට සාර්ථකව මුහුණ දීමට හැකිවුණා .

පසුගිය වසරේ ඇති වු ආර්ථික අර්බුදය හමුවේ ඇති විය හැකි ආහාර හිඟය හේතුවෙන් විශාල පිරිසක් මිය යනු ඇතැයි ඇතැමුන් පුරෝකථනය කර තිබුණා. නමුත් රජය නිසි කළමනාකරණයකින් යුතුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුයේ නැහැ කිසිවෙකු මිය ගියේත් නැහැ.

ඉදිරියෙදි තවදුරටත් කෘෂි කර්මාන්තයේ පවතින ගැටළු සාකච්ඡා කරමින් නිවැරැදි මතයක් ජනගත කළ යුතු බවත් එමඟින් මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැකි වන බව සමන් රත්නප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කලා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page