මහජනතාවගේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා තවත් රුපියල් ලක්ෂ 50 ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (24) තැන්පත් කර ඇත .

තැන්පත්කරුවන්ගෙන් ලබා ගත් මුදල්, රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙස අධිකරණය විසින් අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ නියෝග කර තිබුණා.

ඒ අනුව පසුගියදා පැවති නඩු දිනයේ දී සක්විති රණසිංහ මහතා රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කර ඇති අතර එය ඔහු විසින් ගෙවන ලද දෙවන වාරිකය වේ.

ඒ අනුව නඩුවට අදාළ මීළඟ වාරිකය ගෙවීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කලා

‘සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්’ සමාගම පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන රුපියල් මිලියන 160 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page