මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ මෙහෙනින් වහන්සේලා තුන් නමක් අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙම මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ විසින් මේ බව ඊයේ (26) ම්නුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන්නේ යැයි පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පොලීසියට පවසා ඇත.

මෙසේ අතුරුදහන්ව ඇති මෙහෙණින් වහන්සේලා වයස අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන අය වේ.

මෙහෙනින් වහන්සේලා තුන් නම රැගෙන ගියේ යැයි කියන මෙම තරුණියගේ පිළිබඳ කිසිම තොරතුරක් තමන් සතුව නොමැති බව පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.

මෙම මෙහෙණින් වහන්සේලා තුන්දෙනා සහ එම මෙහෙණින් වහන්සේලා රැගෙන ගියේ යැයි කියන තරුණිය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට වාර්තා වි නොමැත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page