වසර 20 ක් පමණ පැරණි සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී.
සියළු නවීන තාක්ෂණික මෙවලම් පහසුකම් සහිත අධී තාක්ෂණික සන්නිවේදන පද්ධතිය පසුගිය 26 වැනිදා නිල වශයෙන් වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කල අතර ප්‍රථම ඇමතුම කටුනායක සිට රත්මලාන ප්‍රධාන ගුවන් පාලක කුළුණ වෙත ලබා ගන්නා ලදී.
