දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට බලපැම් වන බව පවසමින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් අද (28) දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඔවුන් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අද පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දි ඇති නමුත් එම පිරිස සාකච්ඡාව සඳහා සහභාගි විය නොහැකි බව නැවත දන්වා ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page