ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති විමෙන් පසු රටේ අත්‍යාවශ්‍ය මහජනතාවගේ ආරක්ෂාව හා රටේ අනාගතය වෙනුවෙන් පනත් 55 ක් සම්මත කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි .
මේ වන විට ආසියාවේ තියන බලසම්පන්නම දුෂණ විරෝධි පනත මේවන අපි සම්මත කරගෙන ඇති බවත් “අරයට මෙයාට හොරා කිය කිය ඉන්නෙ නැතිව හොරු ඉන්නවා නම් පැම්ණිලි කරන ලෙසත් ඔහු සදහන් කලා.
ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙලන්නේ නැතිව රටේ ජනතාවගේ පැත්තේ සිට කටයුතු කරන නායකයෙක් බව අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් ඔහු සදහන් කලා.
ත්‍රස්ත විරෝධී පනත එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතාම වැදගත් බවත් 2019 රටේ පාලන යන්ත්‍රය වෙනස් කරන්නෙ ආරක්ෂාව දිමට නොහැකි බව කියමින් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා .
රනිල් වික්‍රමසිංහ සතු ජාතික නායකත්වයේ සුවිශේෂ ලක්ෂණය නම් සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාවයි. ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද රටේ ජාතික යහපත සඳහා යොදවා ගැනීමට දැන් අවස්ථාව උදා වී තියනවා රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ ක්‍රම වෙනසකට ලක් විය යුතුයි
එසේම පාර්ලිමේන්තුව තුළ පවතින දේශපාලන අසමගිය රට ගොඩනැඟීමට බාධාවක් බැවින් , එම දුර්වල දේශපාලනඥයන්ගේ සෙල්ලම් නතර කොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය ලබා දිය යුතු බවත් ඒ මහතා තවදුරටත් සදහන් කලා.
