මෙරට සිටින ඇතැම් දේශපාලන පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (29) මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයට සහභාගී වෙමින් ය.

සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට ලබා දුන් අතර මේම බස් රථයත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බස් රථ 76 ක් මේ වන විට පාසැල් වෙත ලබා දි තිබේ .

හුස්ම ,සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපුර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරමින් ජනතාවට සහාය වීමට හා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලා.

එසේම විපක්ෂයක් ලෙස මේ සියලු කටයුතු සිදු කරන්නේ තනතුර තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හරහා සමගි ජන බලවේගය ආණ්ඩුවට එක්වන බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මැවුවත් ජනතාවට දේ‍රා්හී වී බලය ලබා ගැනීමට කිසි දින සුදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අද දවසේ ප්‍රකාශයට පත් වූ පුවත්පත්වල සිරස්තලයක් දැකීමෙන් තමා සතුටට පත්වූ බවත් එහි සඳහන්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසා රටේ මුදල් නාස්ති කරන බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවත් එය දැකීමෙන් තමා සතුටට පත් වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ පිපාසයෙන් පෙළෙන, බඩගින්නෙන් පෙළෙන, වගාවට ජලය නොමැති ජනතාව ගැන, පාසල් සිසුන් ගැන, මත්ද්‍රව්‍ය ප්‍රශ්න ගැන බවත් මේවා ගැන කතා කරන විට බොහෝ අයට රිදෙන බවත් මේ ප්‍රශ්න කතා කරන්නේ රජයේ අවධානය යොමු කර විසදුම් ලබා ගැනීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. මේවා පෙන්වා දීම පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් නොවන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ සිටි විපක්ෂ මෙන් ආණ්ඩුවෙන් කොමිස් කුට්ටියක් අරගෙන ආණ්ඩුවට පහර නොගා ඩීල් දේශපාලනයේ නියැලුනේ නැති නිසා මෙවැනි චෝදනා එල්ල කරන බවත් ය.

තවද පසුගිය කාලයේ සිදුවූ පානීය ජල ගැටලුවේදී ජාති ආගම් භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහන සලසන්න ලෙසත් ඒ සදහා ආණ්ඩුවට හැකි පමණ සහයෝගය ලබා දෙන බවට පැවසූ විට සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති මවමින් සජිත් රනිල් ඩීල් එකක් බවට ව්‍යාජ ප්‍රවෘත්ති මැවූ බවත් තමාට රනිල් සමඟ ඩීල් ගහනවා වෙනුවට පසුගිය කාලයේ ගෝඨාභය සහ රාජපක්ෂ පවුල හා එක්ව ඩීල් එකක් ගසා කෙලින්ම ජනාධිපති විමට හැකියාව තිබූ නමුත් එවැනි ජනවරමක් නොමැති තනතුරක් බාර නොගත් බවත් යම් දිනක එවැනි තනතුරක් ලබා ගන්නේ ජනතා ආශිර්වාදයෙන් ජනතා විශ්වාසයෙන් හා ජන වරමකින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ රට දැය වෙනුවෙන් සේවයක් කරන්නේ තනතුරු අපේක්ෂාවෙන් නොවන බවත් මේ තනතුරු සූදුවෙන් අප රට මිදිය යුතු බවත් ජනාධිපති හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මාලිගා ඇතුළේ සිදු කරන ඩීල් දේශපාලන සංස්කෘතිය අතුගා දැමිය යුතු බවත් පැවසීය.

එසේම සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජයට උදව්වක් සිදු කරන්නේ තනතුරු තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් විපක්ෂයේ සිට ජනතාවට සේවය කිරීම අරමුණු කර ගෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම රටේ විවිධ පක්ෂවලට හිතැති අයිති මාධ්‍ය හරහා 2019 මෙන් රටේ ජනතාව අන්දවන වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් සත්‍ය ජනතාවට දැන ගැනීමට සිදු නොකරන බවත් ඔවුන් පැවසීය. මේ වන විට රටේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා 136ක් සිටිය යුතු රටේ සිටින්නේ 76 දෙනකු බවත් තව 15ක් සේවය අතහැර යාමට සූදානම් බවට වාර්තා වන බවත් එසේ වුවහොත් බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පවා වසා දැමීමට සිදු වන බවත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විසදුමක් ලබා ගැනීම මුදල් නාස්තියක් නොවන බවත් මේ සෑම දෙයක්ම සිදු කරන්නේ සත්භාවයෙන් බවත් තමා ඇතුළු පිරිස 75 වසරක දේශපාලන සංස්කෘතිය වෙනස් කළ බවත් පැවසීය.

සක්වල හා හුස්ම වැඩසටහන් ගැන ආණ්ඩුව බුද්ධිමත්ව සිතුවහොත් රජයට ඉන් සහන ලැබෙන බවත් එය රජයට වාසිදායක බවත් රජයට ඇති ප්‍රශ්න අඩු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා මේ වැඩසටහන් දියත් කරන්නේ රජයට පහසු වීම අරමුණු කර ගෙන නොව පාසල්වල හා රෝහල්වල දියුණුව අරමුණ කර ගෙන බවත් පැවසීය.

එමෙන් ම මූල්‍ය බංකකොලොත්භාවයට අමතරව අද වන විට අප රට ලෝකයේ බලවතුන්ගේ කොටස් කඩා ගැනීමේ රාජ්‍යයක් බවට පත් වී ඇති බවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් අප රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමාන දේශපාලනයේ සම්ප්‍රදානුකූල සංස්කෘතිය අනුව තහනම් වචනය ප්‍රසන්න රණතුංග වුවත් විපක්ෂ නායකවරයා ලෙස තමා යල්පැනගිය පරණ රාමුවකට සීමාවූ මජර දේශපාලන සංස්කෘතිය අනුගමනය පුද්ගලයක් නොවන බැවින් තමා හා කෙතෙක් තර්ක විතර්ක සිදු කලත් රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලය ගොඩ නැගීමට එවක මහඇමතිවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ඒ කාර්ය ඇගයීමකට ලක් කරන බවත් පැවසීය.

මේ වන විට හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56කට රුපියල් 171,966,900.00 මුදලක සෞඛ්‍ය උපකරණ ද සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 76කට රුපියල් ලක්ෂ 50 බැගින් බස් රථ ලබා දීමට රුපියල් 369,200,000.00 මුදලක් සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම රුපියල් 29,033,650.00 මුදලක් වැය කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page