ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය” පිළිබඳ විද්වත් සමුළුව අමතමින් ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව සදහන් කලා

නව වෙළෙඳපොළ තුල විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව තවදුරටත් අන් රටවලට බරක් නොවිය යුතු අතර කලාපයේ සෙසු රටවල් සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිතා කරමින් රටක් ලෙස අප තනිව නැඟී සිටීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද ලෝකය බෙහෝ ලෙස වෙනස්කම්වලට ලක්ව තිබෙනවා. තිරසාර සංවර්ධන ඉලක්කවලට අමතරව, දේශගුණික විපර්යාස පිළිබඳ පොදු ගැටලු සාකච්ඡා කිරීමට පැරිස් දේශගුණික සමුළුව සහ ග්ලාස්ගෝ සමුළුව පැවැත්වෙන බවත්

තිරසර සංවර්ධනය පිළිබඳ ඉලක්ක ජය ගැනීමේ දී අප මෙතෙක් අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ මෙහිදී සඳහන් කෙරුණු අතර තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමට අදාළව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති සාකච්ජාවට සහභාගීවන පිරිස අතර ජනාධිපතිවරයා සිටින බවත් සදහන් කරා.

අප සියලුදෙනා පිළිගන්නා තිරසාර සංවර්ධන ඉලක්ක අප දැන් ළගා කර ගනිමින් සිටින අතර එහි ප්‍රතිඵල ද ඇගයිමට ලක් කෙරෙන බවත් පසුගිය කාලයේ දි ගෝලීය ආර්ථිකයේ විශාල පසුබෑමක් ඇති වු බවත් ජනාධිපතිවරයා සදහන් කලා.

ලෝක ආර්ථික වර්ධනය අඩාල වී තිබෙන අතර එමගින් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව තිබෙනවා.එසේ නම් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අප මුදල් සොයා ගන්නේ කෙසේද? සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා සහ ගෝලීය මූල්‍ය ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූල්‍ය සම්පත් සොයා ගන්නේ කෙසේද? යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේවා අප සාධනය කර ගත යුතු ඉලක්ක වන අතර ඒ සඳහා අප කැපවීමෙන් කටයුතු කළයුතු වෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page