හිස් ෆයිල් තොගයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන ජාතික ජනබල වේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඒම චෝදනා වලට නඩු දමන ලෙස පොදු ජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
සාගර කාරියවසම් පවසන්නේ එම ෆයිල් වල ඇතැයි කියන චෝදනා අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නේ මන්දැයි කියා විමසන බවත් මහින්ද හොරා,බැසිල් හොරා යැයි චෝදනා කරන අනුර කුමාර දිසානායක ඔවුන් හොරකම් කළේ මොනවාදැයි කියා ප්‍රකාශ නොකරන බවත්ය
තමාට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරන තුරු බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් තමාටත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට බොහෝ ලියකියවිලි ඇති බවද සඳහන් කළේය.
