මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සඳහන් කරයි.
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාට හැකියාවක් නැති බවත් එහෙයින් ඔහු තම ධුරයේ රැඳී සිටීමෙන් ඵලක් නොවන බවත් මෙරට සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට මසක් ඇතුලත පියවර නොගතහොත් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මාසයක් යන්න කලින් ඔබතුමා මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වාසනීය තැනකට රට ගේන්න අවශ්‍යයි . එහෙම බැරිනම් ඉල්ලා අස්වෙන්න . ඉල්ලා අස්වුණේ නැත්නම් පක්ෂ විපක්ෂ සියලුදෙනා සාකච්ඡා කරගෙන යනවා අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගෙනල්ලා තනතුරෙන් අයින් කරන්න
