රටේ කවුරු පාලන බලයට පැමිණියත් භික්ෂුභාවය අභිබවා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට හැකි නොවූ බව මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක,
ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හඳුගල රතනපාල ස්වාමීන් වහන්සේ පවසයි .

දේශීය පාලකයන් පමණක් නොවෙයි, අපේ රට යටත් කරගත් ඇතැම් විදේශීය ආක්‍රමණිකයන් පවා භික්ෂුභාවය අභිබවා කටයුතු කිරීමට කටයුත නොකල බව උන්වහන්සේ සදහන් කරා.

උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් …

. 1815 ඉංග්‍රීසීන් අපේ රට මුළුමනින්ම යටත් කර ගැනීමට වසර දෙක තුනකට පෙර මේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා බි්‍රතාන්‍යයට යවන ලිපියක සඳහන් කර තිබෙනවා මේ රට යටත් කර ගැනීමට තිබෙන ප්‍රධානම බාධාව මේ රටේ තිබෙන විහාරස්ථාන සහ එහි සිටින භික්ෂූන් වහන්සේලා බව.

භික්ෂූන් වහන්සේලා ජනතාවත් සමග එකමුතු වී, ගිහි පැවිදි සම්බන්ධතාවයක් තිබෙන තාක් කල්, මේ රට යටත් කර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි කියන කාරණය ඔවුන් දැන සිටියා.

අධිරාජ්‍යයක් ගොඩනඟා ගත් පාලකයින් භික්ෂූන් වහන්සේලාගේ බලය තක්සේරු කළේ එහෙමයි. කොතරම් ශක්තිසම්පන්න වුවත් භික්ෂූන් වහන්සේගේ බලය ඉදිරියේ ඒ සියලු බලයන් යටපත් වුණා.

භික්ෂූන් වහන්සේ එක ආගමකට, එක ජාතියකට, එක රටකට වෙන්වුණු කණ්ඩායමක් නොවෙයි. පොදු වස්තුවක්. උන්වහන්සේගේ මහා කරුණාව මිනිස්සුන්ට, සතුන්ට පමණක් නොවෙයි ගහ කොළවලට පරිසරයට පවා මහා කරුණාවක් තිබෙනවා. ඒවාට හානියක් වෙන සෑම මොහොතකම කටයුතු කිරීමට ඉදිරිපත් වෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page