කුණු පළාත භාරව කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාතට ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර ඇත .

ජාතික පොලිස් කොමිසම විසින් මෙම ස්ථාන මාරුවීම සමඟ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනකු සේවා ස්ථාන මාරු කර ඇති බවත් ඔවුන් කිසිවකු එම මාරුවීම් අභියෝගයට ලක් කර නැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ කරුණු දැක්වීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප‍්‍රභා කර තිබේ.

මෙම පෙත්සම විභාග කරනතුරු ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය නිෂ්ප්‍රභා කිරීමත් සමඟ ඔහුට නැගෙනහිර පලාතට සේවය සඳහා යාමට සිදුවනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page