සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග වැඩි ඡන්ද 40 කින් පරාජයට පත් විය
සමගි ජන බලවේගය විසින් ගෙන එන ලද මෙම විශ්වාසභංග යෝජනාව පුරා දින තුනක් තිස්සේ විවාදයට ගත් අතර එහි ඡන්ද විමසීම අද (8 )පස්වරු 5.30 ට කැඳවන ලදි.
ඒහිදි විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 73 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 113 ප්‍රකාශ විය.එ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.
