කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වීදී සංචාරය කෙරුණි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අවසන් මහා පෙරහර සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ථිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී විහාරාධිපති ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමිපාණන් වහන්සේ සහ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාමාධිපති ඉන්දියානා බෞද්ධ විහාරාධිපති කෝට්ටේ රජමහා විහාරාධිකාරි පූජය තලංගම දේවානන්ද හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ තම කෙටි පිළිසඳරක යෙදුනි.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු ද මෙම අවස්‌ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page