මෙරටට එල්ල වූ පාස්කු ප‍්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වැඩ සටහනේ දී හෙළිදරව් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කරයි
එවැනි අත්අඩංගුවට ගැනීමකින් තොරව හා පරීක්ෂණයකින් තොරව අගතියට පත් කිතුනු ජනතාවට කිසිම සාධාරණයක් ඉටු නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.
අදාල පර්යේෂණ ජාත්‍යන්තර මැදිහත්වීමක් මත සිදු විය යුතු බව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් පවසා සිටියේය.
