නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළදී හරක් කටා වැසිකිළිය වෙත රැගෙන ගොස් ඇති මෙම කොස්තාපල්වරයා මෙලෙස අතුරුදන්ව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගිය “හරක් කටා” පිටතට පැමිණ ඇත්තේ තම අත්වලට මාංචු දමා ඇති බවට රඟපෑමක් සිදු කරමින් බවත් එම අවස්ථාවේදී සිය ආරක්ෂාවට සිටි එස්.ටී.එෆ් නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කර තිබේ.

දෙදෙනා අතර පොරබැදීම සිදු වි ඇති අතරතුර අගුළු විවිරව තිබූ අත් මාංචු යුගළ එස්.ටී.එෆ් නිලධාරියාට දැමීමට උත්සාහ කර තිබුණි.

ඉහළ මහළෙන් එස්.ටි.එෆ් නිලධාරියාගේ කෑගසන ශබ්දය ඇසිමත් සමග එහි ගිය නිලධාරීන් හරක් කටාමෙල්ල කර සිය භාරයට ගැනීමට සමත් වි ඇත .

එම සිදුවීම වන අතරවාරයේ අදාළ පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයෙන් දිවගොස් 4 වැනි මහළට පැමිණ, සිය ජංගම දුරකථනය වෙනුවට වෙනත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ජංගම දුරකථනයක් රැගෙන පළාගොස් ඇත .

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ඉහත සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාගේ – 071-8591747, 071-8594929 යන අංක වෙත දැනුම් දෙන ලෙසට මහජයාගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව පහත ඡායාරූපයේ දැක්වෙන පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව තොරතුරක් වෙ නම් පහත සදහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page