සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනයේ සියලුම සේවකයින් අනිවාර්ය නිවාඩු යවා එම ආයතනය වසා දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සතොස ආයතනයේ දැනට සේවය කරන සේවකයන් 328ක් මේ මස තිස් වැනි දින සිට අනිවාර්ය නිවාඩු යවන ඔවුන්ට ව්දි සූත්‍රයක් හරහා ගෙවන බවත් සතොස ආයතනයේ සභාපතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

සතොස සේවකයින්ට සැප්තැම්බර් මාසයේ වැටුප හිමිවන අතර සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල සහ පාරිතෝෂික දීමනා ඊට අමතරව හිමි වන බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page