ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් කොළඹ දී සිදුකෙරිණි.

මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් ගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබසාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම,රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ සේවකයන් සමඟ ඇතිවිය යුතු කතිකාවත්, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු, සේවක අයිතිවාසිකම්, අස්වැසුම හා සමෘද්ධි සහනාධාරය පිළිබඳව ඇති ගැටලු, ඖෂධ ප්‍රශ්නය ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු, මැතිවරණ ක්‍රමය, සහ තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු විවිධ අණපනත් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බැවින් ඉදිරි අයවැයේදී ජනතා සුභසාධන හා ජනතා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන මෙන් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එහිදී තීරණය විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page